Friday, June 3, 2011

දැනු‍ෙම් ප්‍රඥාව, දැනුමින් තොර ප්‍රඥාව සහ කුනු ගොඩ

ඈත දකුනේ වනාන්තරයක් මැද  ල්තලාවක රැයක් පහන් කිරීම යනු ඉතා සුන්දර අත්දකීමකි.දහවලෙහි පවතින චන්ඩ හිරුරැස් නිවි ගොස් හමන සුලඟේ සිසිලසත් අමවක දිනක හෝ ුරු නොවන පැහැදිලි අහසත් සිත අමුතුම ලොවකට කැවාලයි.මෙවැනි දිනක පන්ථක හා මානවක නොයෙක් දේ කතාවට යොමුකර ගනියි.

'මානවක මිනිස්සු නිතරම හොයන්නෙ ගොඩක් දේවල් නේද?ගොඩක් සල්ලි,ගොඩක් දේපල වස්තුව යාන වාහන,ගොඩක් ුදරුවො'

'එතකොට ගොඩක් දැනුම,ගොඩක් උපාධ් නම්බුනාම ගොඩක් නිළතල, ගොඩක් ප්රසිධ්ධිය මෙවගේ මිනිස්සු ගොඩ ගොඩවල් නේද හොයන්නෙ?'

'ඔවු'

' විතරක් නොවේයි ධර්මයෙත් හොයන්නෙ ගොඩ ගොඩවල්.ගොඩක් පින් කරන්න,ගොඩක් දාන මාන දෙන්න,ගොඩක් බණ අහන්න,ගොඩක් සිල් ගන්න, ගොඩක්  ධර්මය දැනගන්න,ගොඩක් භාවනා කරන්න නේද මිනිස්සු හදන්නෙ'

'ඇත්තටම ධර්මය කියන්නෙ ගොඩක්ද මානවක'

'මානවක අපි කුනු ගොඩක් සුද්ධකරල දැම්මට පස්සෙ එතන මොනවද තියෙන්නෙ?'

'මුකුත් නෑ'

'අන්න හරි.අපට ඕන කුනු ගොඩක් සුද්දකරගන්න. කුනු ගොඩ සුද්ද කරගන්න අපට උදලු,සවල්,ඉදල්,කොසු වගේ නොයෙක් උපකරන ඕන වෙනව.බුදුහමුදුරැවො දේශනා කල ධර්මයෙ තියෙන්නෙ අන්න අර කොසු ඉදල් වගේ අපේ හිතේ තියෙන කුනු ගොඩ පිරිසිදු කරගන්න උපකරන.උවමනාව තියෙන කෙනාට කුනු ගොඩක් පිරිසිදුකර ගන්න ගොඩක් දේ ඕන වෙන්නෙ නෑ

'ධර්ම අවබෝධය කියන්නෙ අර කුනු ගොඩ පිරිසිදු කරාම ඇතිවෙන තත්වය වගෙ දෙයක්. කුනු නෑ, කිසිවක් නෑ,කියල කියන එක ධර්මනුකුලව නිවරදි නෑ.ධර්මය තුල ශුන්යතාවය වශයෙන් නම් හදුන්වපු තැන් හමුවෙනව.'

'මුදල්, ධනය, උපාධි ,ථානාන්තර, කුනුගොඩවල් හැටියට සලකන එකට එකග වෙන්න පුලුවන්.නමුත් දැනුම කුනුගොඩක් හැටියට සලකන එකට නම් එක වෙන්න අමාරුයි නෙද?'

'ඔවු.ලෞකික ලෝකෙයෙ සර්ථකත්වයට විතරක් නොවේයි ධර්මය අවබොධයටත් දැනුම අවශ්යයි. විතරක් නොවෙයි ධර්මය අවබොධ කරගත්තු අයටත් දැනුම අවශ්යයි'

'අර නන්ද කුමරය දිව් ලොකෙ ගිහින් අවිත් තමන් විවාහ වෙන්න සිටි කුමරි වැදිරියක් ලෙස දැක්ක වගෙයි ධර්මය අවබොධ වු අය දැනුම කුනුගොඩක් ලෙස දකින්නෙ.'

'බුදු හමුදුරුවො පෙන්නාදුන්නෙ ප්‍රඥාව ලබාගන්න මාර්ගයක් ගැන නේද? එතකොට දැනුම සහ ප්‍රඥාව  කියන්නෙ දෙකක්ද? දැනුමෙන් තොර ප්‍රඥාවක් තියෙනවද?

'දැනුමෙන් ලැබෙන ප්‍රඥාවකුත් තියෙනව. වගෙම දැනුමෙන් තොර ප්‍රඥාවකුත් තියෙනව'
'ලෞකික ප්‍රඥාව ,ලෞකික සම්මා දිටිඨිය වශයෙන් බුදුහාමුදුරුවො දැක්වූයේ මේ දැනුමත් සමග ලැබෙන ප්‍රඥාවටයි.ලෝකයේ ජීවත්වෙන සෑම සත්වයෙකුටම මෙලොව ජීවත්වෙන්න අඩුවැඩි වශයෙන් උපකර වෙන්නෙ මේ ප්‍රඥාව තමයි'

'නමුත් ලෝකොත්තර ප්‍රඥාව නැත්නම් ලෝකොත්තර සම්මා දිඨ්ටිය දැනුමින් ලැබෙන ප්‍රඥාවක්,අවබෝධයක් නොවෙයි'

Monday, May 30, 2011

දෙවියො ඉන්නවද?

"ඇතතටම දෙවියො ඉන්නවද?" මානවකට තවත් ප්‍රශ්නයක් ඇතිවෙලා.
"මොකද මානවක එහෙම අහන්නෙ?"පන්ථකත් ප්රශ්නයක්ම ඇහුව.
"සමජෙ දෙවියො ඉන්නව කියල පිලිගැනීමක් තියෙනව නේද? බුදුදහමෙත් බොහෝ තැන්වල   දෙවියො ගැන සදහන් වෙනවනේද?"
"මානවක කවදහරි දෙවියො දැකල තියෙනවද?"
"දෙවියොනම් දැකල නෑ.ඒත් දෙවියන්ගෙයි කියන රූප,දෙවියො ගැන ලියල තියෙන පොත් පත් නම් දැකල තියෙනව"
"මානවක දෙවියන්ගෙ ක් අහල තියෙනවද?"
"දෙවියන්ගෙ වල්නම් අහල නෑ.දෙවියො ගැන කියන කතානම් අහල තියෙනව"
"මානවක දෙවියන්ව ස්පර්ශ කරල තියෙනවද?"
 "අනේ නෑ.දේව රූපනම් ස්පර්ශ කරල තියෙනවා"
"එහෙනම් දෙවියො කියන්නෙ මිනිස්සුන්ගෙ හිතේ නේද?"
"දෙවියො ඉන්නව කියල කිව්වත්, දෙවියා නැහැ කියල කියල කිව්වත් කතා දෙකම නිවරදි නැහැ."
"මානවක දැන් මේ මෙසෙ උඩ පොතක් තියෙනව පේනව නේද?"
"ඔවු"
"මම අහුවොත් මෙතන පොතක් තියෙනවද කියල මොකක්ද උත්තරේ?"
"පොතක් තියෙනවා"
"හරි දැන් මම මේ පොත මෙතනින් ඉවත් කරනව.දැන් මෙතන පොතක් තියෙනවද?"
"නෑ පොතක් නෑ"
"අන්න බලන්න  තිබුනත් නැතත් වැදගත් පොත කියන  සංඥාවයි.පොත  නැතිඋනා කියල හිතේ තිබෙන සංඥාව නැතිවෙන්නෙ නෑ"
"දෙවියා කියන්නෙත්සංඥාවක්.දෙවියා ඇතයි කිව්වත් දෙවියා නැතයි කිව්වත් හිතේ තියෙන සංඥාව නැතිවෙන්නෙ නෑ"
"ලොකෙ තියෙන බොහෝ දෙවල් අත්තටම සංඥාවන් විතරයි.වැදගත් වෙන්නෙ ඒ සංඥාවන්  තේරැම් ගැනීමයි"

"එතකොට නිවන කියන්නෙත් සංඥාවක්ද?" මදක් කල්පනා කල පන්ථක නැවත විමසීය.
"ධර්මය අවබොඩ නොවුනු අයට නිවන කියන්නෙත් සංඥාවක් තමයි"
"නමුත් ධර්මය අවබොධවුනු,නිවන යන අත්දැකීම ලබපු අයට නම් නිවන කියන්නෙ සංඥාවක් නොවෙයි"