Monday, May 30, 2011

දෙවියො ඉන්නවද?

"ඇතතටම දෙවියො ඉන්නවද?" මානවකට තවත් ප්‍රශ්නයක් ඇතිවෙලා.
"මොකද මානවක එහෙම අහන්නෙ?"පන්ථකත් ප්රශ්නයක්ම ඇහුව.
"සමජෙ දෙවියො ඉන්නව කියල පිලිගැනීමක් තියෙනව නේද? බුදුදහමෙත් බොහෝ තැන්වල   දෙවියො ගැන සදහන් වෙනවනේද?"
"මානවක කවදහරි දෙවියො දැකල තියෙනවද?"
"දෙවියොනම් දැකල නෑ.ඒත් දෙවියන්ගෙයි කියන රූප,දෙවියො ගැන ලියල තියෙන පොත් පත් නම් දැකල තියෙනව"
"මානවක දෙවියන්ගෙ ක් අහල තියෙනවද?"
"දෙවියන්ගෙ වල්නම් අහල නෑ.දෙවියො ගැන කියන කතානම් අහල තියෙනව"
"මානවක දෙවියන්ව ස්පර්ශ කරල තියෙනවද?"
 "අනේ නෑ.දේව රූපනම් ස්පර්ශ කරල තියෙනවා"
"එහෙනම් දෙවියො කියන්නෙ මිනිස්සුන්ගෙ හිතේ නේද?"
"දෙවියො ඉන්නව කියල කිව්වත්, දෙවියා නැහැ කියල කියල කිව්වත් කතා දෙකම නිවරදි නැහැ."
"මානවක දැන් මේ මෙසෙ උඩ පොතක් තියෙනව පේනව නේද?"
"ඔවු"
"මම අහුවොත් මෙතන පොතක් තියෙනවද කියල මොකක්ද උත්තරේ?"
"පොතක් තියෙනවා"
"හරි දැන් මම මේ පොත මෙතනින් ඉවත් කරනව.දැන් මෙතන පොතක් තියෙනවද?"
"නෑ පොතක් නෑ"
"අන්න බලන්න  තිබුනත් නැතත් වැදගත් පොත කියන  සංඥාවයි.පොත  නැතිඋනා කියල හිතේ තිබෙන සංඥාව නැතිවෙන්නෙ නෑ"
"දෙවියා කියන්නෙත්සංඥාවක්.දෙවියා ඇතයි කිව්වත් දෙවියා නැතයි කිව්වත් හිතේ තියෙන සංඥාව නැතිවෙන්නෙ නෑ"
"ලොකෙ තියෙන බොහෝ දෙවල් අත්තටම සංඥාවන් විතරයි.වැදගත් වෙන්නෙ ඒ සංඥාවන්  තේරැම් ගැනීමයි"

"එතකොට නිවන කියන්නෙත් සංඥාවක්ද?" මදක් කල්පනා කල පන්ථක නැවත විමසීය.
"ධර්මය අවබොඩ නොවුනු අයට නිවන කියන්නෙත් සංඥාවක් තමයි"
"නමුත් ධර්මය අවබොධවුනු,නිවන යන අත්දැකීම ලබපු අයට නම් නිවන කියන්නෙ සංඥාවක් නොවෙයි"

Friday, May 27, 2011

බුදුහාමුදුරුවන්ට වැරදුනාද?

පන්ථක හමුවීමට පෑමිනි එක්තරා හිතවත් මනවකයකු ඔහුට ඈතිවු එකතරා අදහසක් පිලිබදව පන්ථකගෙන් විමසීය.
"කාලය, ද්වීපය, දේශය,කුලය,මව් යනුවෙන් හදුන්වන පස්මහ බලුම් බලල නේද බුදු හමුදුරුවො මේ ලෝකෙට වෑඩිය කියල කියන්නෙ"
'ඔව් ඉතින්"
"මට හිතෙනව බුදුහාමුදුරුවන්ට වෑරදුනාවත්දෝ කියල"
"ඈයි එහෙම කියන්නෙ"
"බුදුහාමුදුරුවො මීට අවුරුදු 2500 ඉස්සර පහල නොවී අද වගෙ කාලෙක පහල උනානම් වඩාත් ප්‍රයෝජනවත් වෙන්න තිබුන නේද"
"ඒ මොකද"
"එදා රුපවාහිනිය,ගුවන් විදුලිය,අන්තර් ජාලය වගේ ජනමාධ්‍ය එතකොට දැන් වගේ දියුනු ප්‍රවාහන පහසුකම් තිබුනෙ නෑ.අදවගෙ කලෙක උන්වන්සෙ පහල උනානම් එදාට වඩා වෑඩි පිරිසකට ධර්මය කියදෙන්න තිබුන නේද"
"ද්වීපය,දේශය,කුලය,මව් කියන ඒවත් එහෙම වෑරදුනා කියලද කියන්නෙ"
"ඔවු මට එහෙම හිතෙනව"
"බුදු හමුදුරුවො කාලය, ද්වීපය, දේශය,කුලය,මවු කියන පස්මහ බෑලුම් බලල මේ ලෝකෙට ආව කියනවනම් ඒක ආත්ම වාදි කතාවක්.බුදුහාමුදුරුවො දේශනා කලෙ අනාත්ම වාදි ධර්මයක්. මනුෂ්‍යයන්ට කිසිදෙයක් තමන්ගෙ වසගයෙහි පවත්වගන්න බැහැ.ඉපදිම, මරනය, මහලුවීම, ලෙඩවීම අදි දේ තමන්ට ඕන හටියට පාලනය කරන්න බහෑ කියන එක තමයි එකෙන් කියවෙන්නෙ."
"ඈත්තටම උනේ ක‍ාලය,ද්වීපය,දෙශය, කුලය,මව් කියන හේතු නිසා බුදුන් වහන්සේ පහල වු එකයි."