ඈත දකුනේ වනාන්තරයක් මැද ගල්තලාවක රැයක් පහන් කිරීම යනු ඉතා සුන්දර අත්දකීමකි.දහවලෙහි පවතින චන්ඩ හිරුරැස් නිවි ගොස් හමන සුලඟේ සිසිලසත් අමවක දිනක හෝ අඳුරු නොවන පැහැදිලි අහසත් සිත අමුතුම ලොවකට කැඳවාලයි.මෙවැනි දිනක පන්ථක හා මානවක නොයෙක් දේ කතාවට යොමුකර ගනියි.
'මානවක මිනිස්සු නිතරම හොයන්නෙ ගොඩක් දේවල් නේද?ගොඩක් සල්ලි,ගොඩක් දේපල වස්තුව යාන වාහන,ගොඩක් අඹුදරුවො'
'එතකොට ගොඩක් දැනුම,ගොඩක් උපාධ් නම්බුනාම ගොඩක් නිළතල, ගොඩක් ප්රසිධ්ධිය මෙවගේ මිනිස්සු ගොඩ ගොඩවල් නේද හොයන්නෙ?'
'ඔවු'
'ඒ විතරක් නොවේයි ධර්මයෙත් හොයන්නෙ ගොඩ ගොඩවල්.ගොඩක් පින් කරන්න,ගොඩක් දාන මාන දෙන්න,ගොඩක් බණ අහන්න,ගොඩක් සිල් ගන්න, ගොඩක් ධර්මය දැනගන්න,ගොඩක් භාවනා කරන්න නේද මිනිස්සු හදන්නෙ'
'ඇත්තටම ධර්මය කියන්නෙ ගොඩක්ද මානවක'
'මානවක අපි කුනු ගොඩක් සුද්ධකරල දැම්මට පස්සෙ එතන මොනවද තියෙන්නෙ?'
'මුකුත් නෑ'
'අන්න හරි.අපට ඕන කුනු ගොඩක් සුද්දකරගන්න.ඒ කුනු ගොඩ සුද්ද කරගන්න අපට උදලු,සවල්,ඉදල්,කොසු වගේ නොයෙක් උපකරන ඕන වෙනව.බුදුහමුදුරැවො දේශනා කල ධර්මයෙ තියෙන්නෙ අන්න අර කොසු ඉදල් වගේ අපේ හිතේ තියෙන කුනු ගොඩ පිරිසිදු කරගන්න උපකරන.උවමනාව තියෙන කෙනාට කුනු ගොඩක් පිරිසිදුකර ගන්න ගොඩක් දේ ඕන වෙන්නෙ නෑ’
'ධර්ම අවබෝධය කියන්නෙ අර කුනු ගොඩ පිරිසිදු කරාම ඇතිවෙන තත්වය වගෙ දෙයක්. කුනු නෑ, කිසිවක් නෑ,කියල කියන එක ධර්මනුකුලව නිවරදි නෑ.ධර්මය තුල ශුන්‍යතාවය වශයෙන් නම් හදුන්වපු තැන් හමුවෙනව.'
'මුදල්, ධනය, උපාධි ,ථානාන්තර, කුනුගොඩවල් හැටියට සලකන එකට එකග වෙන්න පුලුවන්.නමුත් දැනුම කුනුගොඩක් හැටියට සලකන එකට නම් එකඟ වෙන්න අමාරුයි නෙද?'
'ඔවු.ලෞකික ලෝකෙයෙ සර්ථකත්වයට විතරක් නොවේයි ධර්මය අවබොධයටත් දැනුම අවශ්‍යයි.ඒ විතරක් නොවෙයි ධර්මය අවබොධ කරගත්තු අයටත් දැනුම අවශ්‍යයි'
'අර නන්ද කුමරය දිව්‍ය ලොකෙ ගිහින් අවිත් තමන් විවාහ වෙන්න සිටි කුමරි වැදිරියක් ලෙස දැක්ක වගෙයි ධර්මය අවබොධ වු අය දැනුම කුනුගොඩක් ලෙස දකින්නෙ.'
'බුදු හමුදුරුවො පෙන්නාදුන්නෙ ප්‍රඥාව ලබාගන්න මාර්ගයක් ගැන නේද? එතකොට දැනුම සහ ප්‍රඥාව කියන්නෙ දෙකක්ද? දැනුමෙන් තොර ප්‍රඥාවක් තියෙනවද?
'දැනුමෙන් ලැබෙන ප්රඥාවකුත් තියෙනව. ඒ වගෙම දැනුමෙන් තොර ප්රඥාවකුත් තියෙනව'
'ලෞකික ප්‍රඥාව ,ලෞකික සම්මා දිටිඨිය වශයෙන් බුදුහාමුදුරුවො දැක්වූයේ මේ දැනුමත් සමග ලැබෙන ප්රඥාවටයි.ලෝකයේ ජීවත්වෙන සෑම සත්වයෙකුටම මෙලොව ජීවත්වෙන්න අඩුවැඩි වශයෙන් උපකර වෙන්නෙ මේ ප්‍රඥාව තමයි'
'නමුත් ලෝකොත්තර ප්‍රඥාව නැත්නම් ලෝකොත්තර සම්මා දිඨ්ටිය දැනුමින් ලැබෙන ප්‍රඥාවක්,අවබෝධයක් නොවෙයි'