Monday, May 30, 2011

දෙවියො ඉන්නවද?

"ඇතතටම දෙවියො ඉන්නවද?" මානවකට තවත් ප්‍රශ්නයක් ඇතිවෙලා.
"මොකද මානවක එහෙම අහන්නෙ?"පන්ථකත් ප්රශ්නයක්ම ඇහුව.
"සමජෙ දෙවියො ඉන්නව කියල පිලිගැනීමක් තියෙනව නේද? බුදුදහමෙත් බොහෝ තැන්වල   දෙවියො ගැන සදහන් වෙනවනේද?"
"මානවක කවදහරි දෙවියො දැකල තියෙනවද?"
"දෙවියොනම් දැකල නෑ.ඒත් දෙවියන්ගෙයි කියන රූප,දෙවියො ගැන ලියල තියෙන පොත් පත් නම් දැකල තියෙනව"
"මානවක දෙවියන්ගෙ ක් අහල තියෙනවද?"
"දෙවියන්ගෙ වල්නම් අහල නෑ.දෙවියො ගැන කියන කතානම් අහල තියෙනව"
"මානවක දෙවියන්ව ස්පර්ශ කරල තියෙනවද?"
 "අනේ නෑ.දේව රූපනම් ස්පර්ශ කරල තියෙනවා"
"එහෙනම් දෙවියො කියන්නෙ මිනිස්සුන්ගෙ හිතේ නේද?"
"දෙවියො ඉන්නව කියල කිව්වත්, දෙවියා නැහැ කියල කියල කිව්වත් කතා දෙකම නිවරදි නැහැ."
"මානවක දැන් මේ මෙසෙ උඩ පොතක් තියෙනව පේනව නේද?"
"ඔවු"
"මම අහුවොත් මෙතන පොතක් තියෙනවද කියල මොකක්ද උත්තරේ?"
"පොතක් තියෙනවා"
"හරි දැන් මම මේ පොත මෙතනින් ඉවත් කරනව.දැන් මෙතන පොතක් තියෙනවද?"
"නෑ පොතක් නෑ"
"අන්න බලන්න  තිබුනත් නැතත් වැදගත් පොත කියන  සංඥාවයි.පොත  නැතිඋනා කියල හිතේ තිබෙන සංඥාව නැතිවෙන්නෙ නෑ"
"දෙවියා කියන්නෙත්සංඥාවක්.දෙවියා ඇතයි කිව්වත් දෙවියා නැතයි කිව්වත් හිතේ තියෙන සංඥාව නැතිවෙන්නෙ නෑ"
"ලොකෙ තියෙන බොහෝ දෙවල් අත්තටම සංඥාවන් විතරයි.වැදගත් වෙන්නෙ ඒ සංඥාවන්  තේරැම් ගැනීමයි"

"එතකොට නිවන කියන්නෙත් සංඥාවක්ද?" මදක් කල්පනා කල පන්ථක නැවත විමසීය.
"ධර්මය අවබොඩ නොවුනු අයට නිවන කියන්නෙත් සංඥාවක් තමයි"
"නමුත් ධර්මය අවබොධවුනු,නිවන යන අත්දැකීම ලබපු අයට නම් නිවන කියන්නෙ සංඥාවක් නොවෙයි"

1 comment: